ගීතාවලිය – 13 වන පරිච්ඡේදය –

සමිඳුන් වෙත යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද?
සදහට ම ද?
ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?
2 සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද?
දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද?
මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද?
3 දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව;
මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.
4 එවිට නොහැක, මාගේ සතුරාට, ”ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට;
නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.
5 ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි.
ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි.
6 සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW