ගීතාවලිය – 126 වන පරිච්ඡේදය –

මුදනු ලැබූ අයගේ ස්තුති ගීය

1 සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.
2 එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු;
ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු.
එවිට, ”සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
3 සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක;
එබැවින් අපි සන්තෝෂ වමු.
4 සමිඳුනි, අපේ b සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
5 දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.
6 ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්,
තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW