ගීතාවලිය – 125 වන පරිච්ඡේදය –

සැදැහැවතුන්ගේ ආරක්ෂාව

1 සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.
2 ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.
3 අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති.
එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.
4 සමිඳුනි, යහපත් අයට යහපත කළ මැනව;
අවංක සිත් ඇත්තන්ටත් එසේ ම කළ මැනව.
5 එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව.
ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW