ගීතාවලිය – 124 වන පරිච්ඡේදය –

ඉශ්රායෙල් සෙනඟගේ මිදුම්කාරයාණෝ

දාවිත් විසිනි.
1 ඉශ්රායෙල් මෙසේ කියත් වා!
”අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
2 අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
4 එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි;
දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
5 සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
6 අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!
7 පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු;
උගුල බිඳී ගියේ ය.
අපි ගැළවුණෙමු.
8 අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW