ගීතාවලිය – 122 වන පරිච්ඡේදය –

ජෙරුසලම ගැන පැසසුම

දාවිත් විසිනි.
1 ”දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2 එම්බා ජෙරුසලම!
අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
3 එම්බා ජෙරුසලම!
මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4 ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
5 මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
6 ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න;
තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!
7 තිගේ පවුරු තුළ සාමය බැබළේ වා!
තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!
8 මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි:
”ජෙරුසලම තුළ සාමදානය වේ වා!”
9 අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW