ගීතාවලිය – 121 වන පරිච්ඡේදය –

අපේ එක ම පිහිට

1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි.
මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?
2 මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය.
අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.
3 එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක.
අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.
4 ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය.
5 සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය.
සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක.
6 දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය.
රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.
7 සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක;
ඔබේ ජීවිතය රැකවල් කරන සේක.
8 මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ,
ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW