ගීතාවලිය – 120 වන පරිච්ඡේදය –

වන්දනා ගීයක්

1 මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ මට උත්තර දුන් සේක.
2 සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.
3 එම්බා වංචාකාරයෙනි!
දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද?
කුමන දඬුවමක් දිය යුතු ද?
4 දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා!
5 මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.
6 සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි.
7 මම සාමය සොයන්නෙමි;
එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW