ගීතාවලිය – 117 වන පරිච්ඡේදය –

සමිඳුන් පැසසුමට ඇරයුම්

1 සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2 මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය,
එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW