ගීතාවලිය – 100 වන පරිච්ඡේදය –

තුති දීමේ ගීතයකි

1 මුළු පොළො‍් වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2 සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3 සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය.
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4 තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා,
එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW