ඔක්තෝම්බර් 25 වන දින සුබ අස්න – ශු. ලූක් 13: 18 – 21

18 උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? එය කුමකට උපමා කරම් ද? 19 එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක. 20 යළිදු උන් වහන්සේ කතා කොට, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද? 21 ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW