ඔක්තෝම්බර් 22 වන දින සුබ අස්න – ශු.ලූක් 12: 54 – 59

54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ”අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. 55 දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය. 56 කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?” 57 ”හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද? 58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය. 59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW