ශුද්ධාත්ම දීමනා සත

I ප්‍රඥාව

• මෙලොව වෙනුවට ස්වර්ගීය සැප සම්පත් සහ වස්තුවලට ඇලුම් කිරීම.

II තේරුම් ගැනීම

• ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ විශ්වාසයේ සත්‍යතාවන් තේරුම් ගැනීම.

III දැනුමැතිකම

• දේව මහිමය සහ ගැලවීම සඳහා අවශ්‍ය දේ නිවැරදිව හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට ආදාළ අවස්ථාවේ දී ම තේරුම් ගැනීම සහ දැනුමැතිකම ය.

IV ධෛර්යය

• තම ආගමික ආගමික යුතුකම් ඉටු කිරීමේ දී මුහුණ දෙන බාධක සහ ගැටළු හමුවේ නොසැලෙන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම.

V දැනගැන්ම

• ස්වර්ග රාජ්‍යය කරා ගමන් කිරීමේ දී මුහුණ දෙන අනතුරුවලින් වැළකීමට මග දැනගැනීම.

VI දේව භක්තිය

• දෙවියන් වහන්සේට හිමි වන්දනාව සහ සේවය දීමට පුද්ගලයාව යොමු කරවීම.

VII දේව භය

• දෙවියන් වහන්සේට උතුම්ම ගෞරවය දීමටත් උන්වහන්සේ අකමැති සියලු දේ පිළිකුල් කිරීමටත් යොමුකරවයි

Suba Asna - සුබ අස්න

FREE
VIEW