
ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. ” ( 1 කොරෙන්ති 6 : 19 )
ඔබේ ශරීරය ඔබටයි අයිතිද ? ඔබ කියයි ඔව් මගේ ශරිරයනේ කියල. ඒත් ඇත්තටම ඔබේ ශරීරය ඔබට අයිති නැහැ. බලන්න මේ කොරෝනා වසන්ගතය. අපි කවුරුවත් කැමති නැහැ ඔය වෛරසය ශරීරයට එනවට. ඒත් සමහර විට අපි නොදැනුවත්වම ඇවිත් අපිට අපේ ශරීරය කියල හිතන් ඉන්න එක අපිට පාලනය කරන්න බැරි වෙනවා. මේක හොද නිදසුනක් අපේ ශරීරය අපිට අයිති නැහැ කියන එකට. අපේ මේ ලෝකයට අපේ ආත්මය එන්න යොදා ගත්ත දෙයක් විතරයි මේ ශරීරය.
මේ ශරීරය දෙවියන් වහන්සේ අපිට දුන්න ශුද්ධාත්මයාණන්ගේ මන්දිරයක්. මේ මන්දිරය තුළ උන්වහන්සේව ජීවත් කරවනවද , නැත්නම් යක්ෂයාට ඉඩ දෙනවාද කියන එක අනුව තමයි මරණින් පසුව අපේ ආත්මයට ලැබෙන ප්‍රථිපලය තීරණය වෙන්නේ.
ඉතින් හෙට අපි සමරන ශුද්ධාත්මයාණන්ගේ මංගල්‍යය දිනට සුදානම් වන අද දින අපිට ජේසු කියන්නේ අපේ වරද පිළිගෙන වෙනස් වෙන්න. ශරීරය පිනවන පාපයට නොව, ශුද්ධාත්මයාණන් ජීවත් වන මන්දිරයක් බවට ඔබේ ශරීරය පත්කරගන්න. අපේ මේ ලෝකයේ ජීවිතය හරි කෙටියි. කොයි මොහොතේ මේ ලෝකයෙන් යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබේ ශරීරය පාපයේ මන්දිරයක් නොව ශුද්ධාත්මයාණන්ගේ මන්දිරයක් කර ගන්න. අන්න එවිට අපිට මේ ලෝකයෙන් කොයි වෙලේ ගියත් බය නැතිව යන්න පුළුවන් වෙනවා.