යුක්තිය උදෙසා පීඩා විදින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය ( ශු. මතෙව් 5 : 10 )

2019 වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා දින සිදු වූ සංවිධානාත්මක ඝාතනයේ මහ මොළකරුවන් මෙතෙක් හෙළිදරව් වී නොමැති හෙයින් හා එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම ජීවිත වෙනුවෙන්ද ඒ හේතුවෙන් විපතට පත් සියලුදෙනා වෙනුවෙන්ද යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් අද දින “කළු ඉරිදා” දිනයක් ලෙස නම්කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික සහෝදර ජනතාවගෙන් අද කළු පැහැති ඇඳුමින් දිව්‍ය පූජාවට සහභාගි වී පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඔබේ හඬත් එකතුකරමින් මෙම විරෝධයට එකතු වීමට ආරාධනා කරන අතර විශේෂාකාරයෙන් ඒ වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටිමු.

Suba Asna - සුබ අස්න

FREE
VIEW