මරිය රැජිණියගේ උපන් දිනයේදී අපිට ලබා දෙන පණිවුඩය

අද මරිය රැජිණියගේ උපන් දිනය සමරන දිනයි. මරිය තුමියව දේව පුත්‍රයාගේ මව ලෙස තෝරා ගැනීම තුල එතුමියගේ මැදිහත්වීම මැනවින් පෙන්වා දෙන දෙවිදුන් අප පෙන්වා දෙන්නේ එදත් අදත් හෙටත් එතුමියගේ මැදිහත් බාවයේ වැදගත් කමයි. එදා ජේසුගේ මව ලෙස මරිය තුමිය තෝරා ගත්විට තමන් ගැන නොසිතා , තමන් සතු සියල්ල දෙවිදුන්ට බාර දෙමින් දෙවිදුන්ගේ කැමැත්තට එකග වීම තුල මුළු ලොවටම විමුක්තිය ගෙනත් දුන්නා.

ඒ එතුමිය ජීවිතය තුල සම්පුර්ණ හිස්විමක් තුලයි. තමන් සතු සියල්ල අතහැර හිස් වීම තුල එතුමිය ජීවිතයෙන් ජය ගත්තා. අපත් අපි බදාගෙන සිටින දේවල් වලින් හිස් වීම තුල , සියල්ල ජේසුට බාර දීම තුළ දෙවිදුන්ගේ බලය අත්දකින්න පුළුවන්. එහි ප්‍රතිපල මෙලොව මෙන්ම මරණින් පසුත් අපට අත් දැකිය හැකි බව මතක තබා ගන්න. තීරණය ඔබේ අතේ. පමා නොවන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW