මම නුබ සමගයි

මේ පණිවුඩය කියවද්දිත්, ඔබ පීඩා විදින ප්‍රශ්න / ගැටලු / ගොඩ එන්නට බැරි පාප යනාදි දේවල් වලින් ලොකු පීඩාවක ඉන්නට පුලුවන්…ප්‍රශ්නය තවත් බරපතලනම් ජීවිතය එපා වෙලත් ඇති..😞😞

සුබ අස්න තුල අපිට දැකගත හැකියි දකුනු අත වේලුනු මිනිසෙකුව ජේසු සුව කරනවා. ජේසුගේ කාලයේ දකුනු අත වේලිලා / අත පන නෑ කියන්නේ ඔහු සුදුසු වන්නේ සිගා කෑමට පමනයි . ඉතාමත් අසරණ , අභාග්‍යසම්පන්න තත්වයක්.

ඔබේ අත දිග හරින්න !!

වියලුනු අත දිගහරින්නට යැයි ජේසු පවසමින් ඔහුව සුව කලා.

ඔබේ අරගලය හා ඔබ තනිවම, ඔබේ හයියෙන් පොරබදිමින්ද සිටින්නේ ?

ඔබ ප්‍රශ්නය විසදන්නට යන්නේ ඔබේ ක්‍රමයටද ?

ඔබ ප්‍රශ්නය විසදන්න යන්නේ ලෝකයේ ශුද්ධවු පියාණන්ව නොහදුනන මිනිසුන් දෙන මාංශික ක්‍රම වලින්ද ?

එකටම ගැබුරු යාච්ඤාවට යන්න ..

ප්‍රශ්න දරාගන්න බෑ වගේ නම් පොඩ්ඩක් හැරිලා බලන්න ඔබේ යාච්ඤා ජීවිතය දිහා. අනිවාර්යයෙන්ම යාච්ඤා දිවිය නැවතිලා ඇති, නැත්නම් අඩපන වෙලා ඇති. යාච්ඤා නැවැත්තුවොත්, ප්‍රශ්න දරාගැනීමට නොහැකි වෙනවා.

යාච්ඤා ජිවිතය තුල පවතින්න. එහෙමයි අත්ත මිදිවැලට සම්බන්ධ වෙන්නේ. එහෙම වුනාම ජේසුගේ ක්‍රමයට ඔබගේ ප්‍රශ්නය විසදයි.

ඔබට ඕනා විසදුම දෙන්න කියලා ඔබ ජේසුට අණ කරන්න යන්න එපා .

” ඔබගේ කැමැත්ත සිදුවේවා ” මේක ලියලා පුලුවන්නම් ගහගන්න පෙනෙන තැනක.

ජේසු ප්‍රශ්නය විසදන්නේ ටිකක් වෙනස් විදියකට. ඒක වෙනම කතා කරන්න ඕනා දෙයක්. නමුත්, ජේසු මූලිකවම බලන දේ තමා අපේ ආත්මයේ ගැලවීම . ආත්මය විනාශ වන දෙයක විසදුම රදා තියෙනවනම් ජේසු ඒක ඔබට දෙන්නේ නෑ.

සාතන්ටද විසදුම් දිය හැකියි

“ගල් පාන් කරලා කන්න”

“ලෝකයම මම දෙන්නම් මට නමස්කාර කරන්න. “

” දෙවියන්වහන්සේ වැටෙන්න/ විනාශ වෙන්න දෙන්නෑ. ඒ හින්දා පනින්න “

මේව සාතන්ගේ විසදුම් කීපයක්.

විසදුම් අවශ්‍ය සෑම දේ ජේසුටම ඔප්පු කරන්න .

දේව තාත්තගේ පොරොන්දු ටිකක් මතක් කරගනිමු.

” බිය නොවන්න මම නුබ සමගයි “

” නුබේ වැදු මව නුබව අමතක කලත්, මම නුබ කිසිදා අමතක නොකරමි.”

” නුබේ නම මගේ අත්ලේ කොටා ඇත”

” නිශ්චල වන්න..මම නුබ උදෙසා සටන් වදින සේක “

“මගේ දරුවන්ගේ මොරගැසීම මට ඇසුනේය “

“මා රාජාලියකු සේ නුබ ගෙනයන්නෙමි”

ශුද්ධවු ත්‍රීත්වය අපෙන් නිරන්තරයෙන්ම අසන ප්‍රශ්නයක් තමයි…

” ඔබට තවමත් ඇදහිල්ල නැද්ද ?”

“ඔබේ අත දිගහරිනැයි” ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රායාණන් වදාල සේක !!🙏🙏🙏

Suba Asna - සුබ අස්න

FREE
VIEW