දෙවිදුන් ඔබට යමක් දී තිබේද ඒ ඔබගේම ප්‍රයෝජනය සදහා නොවන බව හොදට මතක තබාගන්න. ඔබේ ආදායම, ඔබ සතු ධනය, හැකියා, කාලය සියල්ල ඔබගේ කටයුතු වලට යොදා ගන්නා අතර අන් අයගේ අවශ්‍යතා සදහාද යෙදවීම ජේසු අපෙන් බලාපොරොත්තු වේ. එසේ ඔබ සතුටු සිතින් මේ දේ කරනවානම් අනිවාර්යයෙන්ම ජේසුගේ ආශිර්වාදය ඔබට ලැබී ඔබට තවත් කුමන මාර්ගයකින් හෝ අවශ්‍යය දේ ජේසු ලබා දෙනවමයි.
“සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක” … ශු. බයිබලයේ සදහන් සියයට දහයේ රීතිය ඔබට මතකද ? ඔබේ ආදායමින් සියයට දහයක් දෙවිදුන්ගේ සේවය සදහා යොමු කරන්න කියන එක. ඔබ එසේ කරනවා නම් ඔබට දැනටම එයින් ලැබෙන ආශිර්වාදය දැනෙනවා ඇති. ඔබ තවමත් එසේ නොකරන්නේ නම් සතුටු සිතින් , ඒ කියන්නේ අයියෝ මගේ සල්ලි කිය කිය අඩ අඩා නෙමේ, සතුටින් එය වෙන් කරන්න කරන්න. එය ජේසුගේ සේවය සදහාත් , ඔබේ උදව් අවශ්‍ය පුද්ගලයින් සදහාත් යොදවන්න. ජේසු ඔබට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවාමයි.
