අද ලෝකයේ මිනිසුන් අතර දකින්න අඩුම දෙයක් තමයි මේ නිහතමානීකම. මමයි සේරම දන්නේ , මමයි පොර කියල හිතන් අනිත් මිනිස්සුන්ව පල්ලයහට දාල තමයි හිතන්නේ, කථා කරන්නේ. මේකට තමයි කියන්නේ පිරිණු කලේ දිය නොසැලේ කියල. ඇත්තටම නිහතමානී පුද්ගලයින්ට සමාජයේ අය මුළු සිතින්ම ගෞරව කරනවා. හැබැයි මම පොර කියල හැසිරෙන අයට මිනිස්සු බොරුවට තමයි සලකන්නේ.
බලන්න ජේසුගේ නිහතමානීකම දිහා. ජේසු කොච්චර බලවත් කෙනෙක් උනත් ආශ්‍රය කලේ සමාජය කොන් කරපු අයව. එයාලව යහපත් මාර්ගයට ගන්න ජේසු නිහතමානී වෙලා ඔවුන් සමග හිටියා. හැබැයි අපි ? මොහොතක් හිතන්න. වෙනස් වෙන්න. අපි නිහතමානී වන තරමට අපිට ජේසුගේ ආශිර්වාදය ලැබෙන බව මතක තබා ගන්න. ඒ සමගම සමාජයේ මිනිසුන්ද අවංකව එවැනි නිහතමානී පුද්ගලයින්ට ගෞරව කරන බවද සිහියට නගා ගන්න.
