පාරිශුද්ධ දේව මාතාවන් වන මරියොත්තමාවගේ මංගල්‍යය

නව වසරක්. නව ආරම්භයක්. අද අප පාරිශුද්ධ දේව මාතාවන් වන මරියොත්තමාවගේ මංගල්‍යය සමරන්නෙමු. මරිය රැජිණිය අද අපට මේ නව වසරේ ආරාධනා කරන්නේ එතුමිය මෙන් දේව කැමැත්ත අප ජිවිත තුල ඉටු කරන්නට ඉඩ දෙන්න කියන දෙයයි. තම ජිවිතයට පැමිණි සියලුම අභියෝග එතුමිය ජයගත්තා. ඒ දේව කැමැත්තට, දේව සංරක්ෂණයට නතු වීම තුල. ඒ කියන්නේ සරලවම සියල්ල දෙවියන් වහන්සේට බාර දී ඉතා සරල ජිවිතයක් ගත කිරීම තුල.

අද මේ නව වසරේ මරිය තුමිය අපෙන් ඉල්ලා සිටින්නේත් එවැනි ජීවිතයකට මාරු වෙන්න කියායි. මන්ද දෙවියන් වහන්සේ දන්නවා අපිට ඕනි දේ එපා දේ. ඒවා සියල්ලම උන්වහන්සේ නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙනවා. එසේ වීමට අවශ්‍යය වන්නේ කුමන ප්‍රශ්න අභියෝග ආවත් දිගටම උන්වහන්සේ තුල ජීවත් වීමයි. ඔබ මෙසේ දෙවිදුන් තුල ජීවිතයකට අවංකව යොමු වෙනවානම් ඔබට ඉතා නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවාමයි. අධිෂ්ඨාන කරගන්න මේ නව වසරේ ජේසුස් වහන්සේ තුල ජීවිතයකට යොමු වන්න. ජීවිතයේ සතුට නිදහස අත්දකින්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW