නව වසරක්. අළුත් ආරම්භයක්. පසුගිය සියල්ල අමතක කරන්න. පසුගිය සියල්ල ජේසුට බාර දෙන්න. උන්වහන්සේට පුළුවන් ඔබ කිසි දිනෙක නොසිතන වෙනස්කම් කරන්න. ඉතින් මේ නව වසරේ අධිෂ්ඨාන කරගන්න දෙවියන් වහන්සේ , ජේසුස් වහන්සේ , ශුද්ධාත්මයාණන් වහන්සේ සමග ජීවිතයක් ගත කරන්න. ඔබේ ශක්තියෙන් සියල්ල කරන්න නෙමේ, ජේසුස් වහන්සේ තුළ සියල්ල කරන්න උත්සහ කරන්න. මිනිස් දුබල බව ඉක්මවා ගිය හේතු ඵල න්‍යායන් ඉක්මවා ගිය උන්වහන්සේගේ බලය අත්දකින්න.
එමෙන්ම ඔබේ සැලසුම් උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේගේ කැමත්ත පරිදි ඒ සැලැස්මවල් ඔබට අවශ්‍ය අනවශ්‍ය ආකාරයට මෙහෙය වන්න ඉඩ දෙන්න. ඔබට අවශ්‍යය දේවල් කියන් යන්න නෙමේ, ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අවශ්‍ය දේ පමණක් නියම වෙලාවට නියම ආකාරයෙන් ලබා දෙන්න කියා ඔබේ යාච්ඤාව වෙනස් කරන්න. ක්‍රියාවෙනුත් ඉඩ දෙන්න එසේ කරන්න. ඒ තුළ මේ වසරේ ජේසුගේ බලය අත්දකින්න.
