මරියතුමිය එලිසබෙත් තුමිය වෙත යන්නේ හිස් අතින් නොවේ. ඇයට මේ ලෝකයට දෙන්න තියෙන වටිනාම තෑග්ගද සමගයි. එනම් ජේසුස් වහන්සේ. ඒ ත්‍යාගය ලද සැනින් එලිසබෙත් තුමියගේ කුසෙහි හුන් පුත්‍රයාද ඉපිලෙන්නට වූ බව අද සුබ අස්න තුළ අපට දැකිය හැකියි.
අපටද අන් අයවෙත ගෙන යා හැකි වටිනාම ත්‍යාගය ජේසුස් වහන්සේයි. උන්වහන්සේ හදුරන්නේ නැති අයට උන්වහන්සේ පිළිබද කියා දීම මෙන්ම උන්වහන්සේ හදුරන කිතුනුවන්ට ඔවුන්ගේ විශ්වාසය වැඩි කල හැකි ක්‍රියා තුලින් අපිට ජේසුස් වහන්සේ අන් අය වෙතට ගෙන යා හැක. ඔබ මේ දේ කොතරම් දුරට කරනවාද ? සිතන්න… අද සිටම ක්‍රියාවට නංවන්න.
එමෙන්ම ඔබ තුලින් අන් අයට ජේසුගේ ප්‍රේමය පෙන්නනවාද ? නැතිනම් ඔබ ඔබේ ආඩම්බරකම නිසා ජේසු කියාදුන් බැහැපත්කම ඔබේ ජීවිතය තුළ පෙන්නුම් කරන්නේ නැද්ද ? සිතන්න. වෙනස් වෙන්න.
