ජීවිතයට පණිවුඩයක්

ධනවත් මෝඩයා පිළිබද උපමාව ඔබට මතක ඇති. ජීවිත කාලය පුරාවට සල්ලි පස්සෙම දුවල අන්තිමේදී ජීවිත සතුටත් නැතිකරගෙන, සේරම නැති කරගත් ධනවත් මෝඩයා මෙන් අද සමාජයේ බොහෝ දෙනා ඉන්නවා. මුදල් කියන දේ අපිට මේ ලෝකයේ ජීවත් වෙන්න ඕනි තමයි. නමුත් මුදල් පසුපසම ගොස් පොදි බැදගෙන ජීවත් වෙන ජීවිත හරි නීරසයි. වස්තු රැස් කරන තරමට අපි පොහොසත් නෙමේ, කුහක මසුරු මිනිසුන් වෙනවා. වස්තුවට ආදරය කරන තරමට දෙවිදුන්ගෙන් ඈත් වෙන තරමට මිනිසුන්ගෙන්ද ඈත් වෙනවා. හරියට මළ මුහුද වගේ.

නමුත් අපිට ලැබෙනවා වගේ අන් අයටත් අත දිගහැරලා දෙනවා නම් දෙවිදුන් මෙන් මිනිස්සු අපිට ආදරය කරනවා. අපේ ජීවිත ප්‍රාණවත් වෙනවා. හරියට ගලීල මුහුද වගේ. ජීවිතයේ සැබෑ සතුට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම එවැනි අයට දෙවිදුන් තව තවත් දෙනවා.

මදක් සිතන්න නිරය කොපමණ දරුණු තැනක්ද… පමා නොවන්න… ජීවිතය වෙනස් කර ගන්න

ඇත්තෙන්ම අප සිතා බැලිය යුත්තේ අපට ආදරය කරන, අපේ අදහස් වලට ගැළපෙන, අපේ මතයට එකග වන, අපට කීකරු වන, අපට වදයක් නොවන අපට පමණක් ආදරය කිරීම කොතරම් පහසුද , වාසිදායකද ?

නමුත් අපගේ නියම උරුමක්කාරයා වන දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ කැමැත්ත ඊට හාත්පසින්ම වෙනස් එකකි. එනම් පාපිෂ්ඨ, ශිෂ්ඨ නොවන, අප විසින් අපට නොගැළපෙන යැයි සිතන, අපව තේරුම් නොගන්නා අයට, අපව රිදවන අයට ආදරය කිරීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන බව ජේසුස් වහන්සේ ඔබට මතක් කර දෙයි. ජේසු ඔබ දෙස බලා සිටී.

පිටින් පෙනෙන මනුස්සයා නෙමේ ඔහුගේ ඇතුලේ ඉන්නේ… එබැවින් කිසිවෙකු විනිශ්චය නොකරන්න… ජේසු මේ ලෝකයට ආවේ හොදයි කියල හිතන් ඉන්න මිනිස්සු වෙනුවෙන් නෙමේ. සමාජය කොන් කරපු මිනිසුන් වෙනුවෙන්.. ජේසුව කුරුසියට ගෙන ගියෙත් සමාජය හොදයි කියල පිළිගත් මිනිස්සුම තමයි… අවසානයේ සමාජය කොන් කරපු මිනිස්සු තමයි ජේසු එක්ක හිටියේ… කුරුස ගසේදී පවා ජේසුගේ ආශිර්වාදය ලැබුවේ ඔවුන්…

ඔබේ වැටීම , අසාර්ථකත්වය, ප්‍රශ්න ගැටළු හමුවේ යාච්ඤා, මෙනෙහි කිරීම තුළ ජේසුගේ හඩට සවන් දෙන්න.. උන්වහන්සේ ලබා දෙන පණිවුඩය සිතට ගන්න. එය ක්‍රියාත්මක කරන්න. පේදුරු තුමාව ඔහුගේ අසාර්ථකත්වය හමුවේ වෙනස් කළා වගේ, ගැලවීම ලබා දුන්නා වගේ, ඔබවත් ජේසු වෙනස් කරයි… ජීවිතයට සැබෑ සතුට ගෙන දෙයි.

ජේසුස් වහන්සේට මග පෙන්වන්න ඉඩ දෙන්න. ඔබේම සිතින් සියල්ල කරන්න යන්න එපා. ඔබේ ප්‍රශ්නය පවා ජේසුට බාර දෙන්න උන්වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ල විසදන්න. උන්වහන්සේගේ විසදුම නිවැරදියි. අවශ්‍ය වන්නේ උන්වහන්සේට ඉඩ දීම පමණයි.ඉඩ දෙන්න උන්වහන්සේට. ඔබට ජීවිතයේ නිදහස අත්දකින්න පුළුවන් වේවි.

ඒ වගේම උන්වහන්සේ ඔබෙන් යමක් ඈත් කරන්නේද, ඒ දෙය ඔබට නුසුදුසු නිසාත් ඊටත් වඩා ඔබට ගැලපෙන දෙයක් ඔබට ලබා දෙන්න අවශ්‍ය නිසාත් බව හොදට මතක තබා ගන්න. මොකද අපි දන්නේ නැහැ අපේ අනාගතය. නමුත් ජේසුස් වහන්සේ දන්නවා එය.

මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුත්තේ.

ජේසුස් වහන්සේට මග පෙන්වන්න ඉඩ දෙන්න. ඔබේම සිතින් සියල්ල කරන්න යන්න එපා. උන්වහන්සේ ඔබෙන් යමක් ඈත් කරන්නේද, ඒ දෙය ඔබට නුසුදුසු නිසාත් ඊටත් වඩා ඔබට ගැලපෙන දෙයක් ඔබට ලබා දෙන්න අවශ්‍ය නිසාත් බව හොදට මතක තබා ගන්න. මොකද අපි දන්නේ නැහැ අපේ අනාගතය. නමුත් ජේසුස් වහන්සේ දන්නවා එය.

මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුත්තේ.

දිනපතා ශු. ජපමාලය භක්තියෙන් උච්චාරණය කරන්න … ශු. ජපමාලයේ බලය අත්දකින්න…

ජේසුස් වහන්සේ ඔබට දුන් කාලයෙන් බිදක් උන්වහන්සේ වෙනුවෙන් වැය කරන්න ඔබට බැරිද ? මදක් සිතන්න.
මේ නව වසරේ උන්වහන්සේ වෙනුවෙන් යමක් කරන්න සිතට ගන්න. එය ක්‍රියාත්මක කරන්න. ජේසු ඔබ දෙස බලා සිටී…

යාච්ඤා කරලත් ස්වාමින් වහන්සේට භාර දීලත්,

තවත් ඔබ ඔබේ මහන්සියෙන් පමණක්ම ප්‍රශ්න වලට උත්තර සොයනවාද?

දිනපතා ශු. ජපමාලය භක්තියෙන් උච්චාරණය කරන්න….

ඔබට යක්ෂයාගේ සියලු බලවේගයන් බිද දමන්න හැකි වේවි…

සල්ලි ඕනි තමයි අපිට මේ ලෝකයේ ජීවත් වෙන්න. නමුත් සල්ලි ඔබේ ජීවිතයේ පළමු දේ නම්, දෙවිදුන්ගෙන් ඔබ ඈත්වී ඇතිනම් ඔබ ගොඩක් දුප්පත් අයෙක්. මේ ලෝකයෙන් යද්දී අපිට සල්ලි අරන් යන්න බැහැ. අනික කොයි මොහොතේ යන්න වෙයිද කියල දන්නෙත් නැහැ. එබවින් පළමුව ජේසුස් වහන්සේ වෙතට එන්න. අන්න එවිට මේ ලෝකයේ ඔබට ජීවත් වෙන්න ඕනි දේ පවා ජේසු ඔබට ලබා දෙයි…

ජීවිතය එපාම වෙන අවස්ථා අපි හැමෝටම එනවා.

හැබැයි අපිව ජීවත් කරන එකම දෙය ජේසුගේ පුදුමාකාර ආදරයයි.

යාච්ඤාව තමයි අපට ඇති ප්‍රබල ආයුධය

මේ දේ හොදට මතක තියා ගන්න

ඔබ තවමත් ප්‍රශ්න ඉදිරියේ වැටෙනවද? එසේනම්, මුලින්ම ස්වාමින් වහන්සේ ඉදිරියේ දණ ගසන්න.

සැබෑ යාච්ඤාව මෙයයි

ජීවිතයේ සමහර දේවල් අපි ජේසුගෙන් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බොහෝ දෙනා ජේසුවත් අමතක කරලා ජේසූගෙන් ඈත්වෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේ ජේසු දුන්නේ නැත්තේ ඔවුන්ගේම හොදටයි කියල. කල් යද්දී තේරෙනවා ඇත්තටම ජේසු ඒ දේ දුන්නේ නැති එක හොදයි, දුන්නම ලොකු ප්‍රශ්නයක් වෙනවා ජීවිතයට කියල. මේ දේ ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ.

මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුක්තේ.

යක්ෂයා, ලෝකයා හා මාංශය තුලින් මිනිස් අපව උගේ ගොදුරු කරගන්න උත්සහ කරනවා. එක එක විදිහට උපක්‍රම යොදනවා. මිනිසුන් ලෙස අපි මේවලින් බේරී ඉන්න උත්සහ කරන්න ඕනි. ඒ සදහා තියෙන ලොකුම අවිය තමයි යාච්ඤාව.. දිනපතා යාච්ඤාව අත්‍යවශ්‍ය වෙන්නේ මේ නිසයි. ඔබ මෙතෙක් දිනපතා යාච්ඤාවට යොමු වුනේ නැද්ද ? නැතිනම් අතපසු කරනවාද ? සිතන්න.. වෙනස් වෙන්න… යාච්ඤාව ඔබව යක්ෂයාගෙන් ඈත් කර තැබීමට උපකාරී වේ.

ජේසු තුළ සම්පුර්ණයෙන් රැදෙන්න. සියල්ල ජේසුට බාර දෙන්න. උන්වහන්සේට නිතරම යාච්ඤා කරන්න උන්වහන්සේගේ සැලැස්ම ඉටු කරන්න කියා. අපේ සැලැස්ම පොඩ්ඩක් පැත්තකින් තියල උන්වහන්සේට සියල්ල පාලනය කරන්න ඉඩ දෙන්න. ඔබට තේරෙයි උන්වහන්සේගේ සැලැස්ම අපේ සැලැස්මට වඩා ගොඩක් අනර්ඝයි, නිවැරදියි කියල. මේ අත්දැකීම අත්දකින්න…

දෙවිදුන් ඔබට යමක් දී තිබේද , ඔබෙන් එවැනිම දේ බලාපොරොත්තු වේ. එබැවින් සැමවිටම අසරණයින්ට උදව් වන්න උත්සහ කරන්න. අන්න එවිට ජේසුගේ ආශිර්වාදය ඔබට නොඅඩුව ලැබෙනු ඇත.

සියල්ලෙහිදී ස්වාමින් වහන්සේට ස්තුති කරන්න.

ජේසුගේ මව ලෙස තෝරා ගත් මරිය රැජිණිය පාතිමා දර්ශනයේදී පවා අප හට කියා සිටින්නේ ජේසු තුමන් ඉගැන්නු ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම සදහා යාච්ඤාව යොදා ගන්නා ලෙසය.💐💐

ශු. ජපමාලය දිනපතා උච්චාරණය කරමු. ශු. ජපමාලයේ බලය අත්දකිමු.

දිනපතා සුලු මොහොතක් හෝ යාච්ඤාවට යොමු වන්න. ශු. බයිබලය කියවන්න. මෙනෙහි කරන්න. ශු. බයිබලයෙන් ලබා දෙන පණිවුඩය සිතට ගන්න. එය ජීවිතයේ ක්‍රියාත්මක කරන්න උත්සහ කරන්න. සදාතන ජිවිතයේ මග හෙළි කරගන්න උත්සහ කරන්න.

ජීවිතේ ප්‍රශ්න එයි. පරික්ෂා එයි. එවැනි දේ තුළ ලෝකයා ඔබට බොහෝ දේ කරන්න කියයි. නමුත් ඔබ ජේසුස් වහන්සේ පැවසූ දේ පමණක් කරන්නේ නම් ඔබේ ජයග්‍රහණය කිසිවෙකුට නවත්වන්න නොහැකි බව මතක තබා ගන්න. ලෝකයා කියන දේට නැබුරු වී ජේසුස් වහන්සේ වදාළ දෙයින් ඈත් නොවන්න. ලෝකයා කියන දේ නොව ජේසුස් වහන්සේ පැවසු දේ පමණක් කරන්න.. ජේසු ඔබව බලා ගනී….

සමහර වෙලාවට අපි මුහුණ දෙන අභියෝග වලින් අපට ජය ලැබිය නොහැක්කේ, අපි තුල දෙගිඩියාවක් නැතහොත් භයක් තිබෙන නිසා. එබැවින්, ඔබේ භය ඉවත් කරන්න, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට ජය දෙන සේක.

සෑම දිනකම දෙවියන් වහන්සේත් සමඟ කතා කරන්න

නමට පමණක් නොව , ජීවිතයෙන්ද සැබෑ කිතුනුවෙකු වන්න …

අප ජේසූ, ඔබෙත් මගෙත් වෙහෙස පහ කරන සේක… අපි දැන් සිටින තත්වයට හොඳින් මුහුණ දෙන්න ශක්තිය දෙන සේක, හරි මාර්ගයට මඟ පෙන්වන සේක.

ඔබ මේ මොහොතේ මුහුණ දෙන අරගලය කෙතරම් විශාල වුනත්, කනස්සලු නොවන්න, නොකලකිරෙන්න. ඔබෙත් මගෙත් දෙවියන් වහන්සේ ඒ සෑම දේවලට වඩා බලවත්!

අනිත් අය ඔබ ගැන සිතන දෙය ගැන කරදර නොවන්න. ජේසුස් වහන්සේගේ කැමැත්ත සොයන්න වෙහෙසෙන්න

දේව දරුකම කුමක්ද යන්න වටහා ගෙන ජීවත් වන්න

ජේසුට හැකිතරම් ලං වන්න. එවිට උන්වහන්සේගේ හඩ ඔබට ඇසෙනවා ඇත.

බලගතුම ආයුධය යාච්ඤාවයි. යාච්ඤාව තුළ යක්ෂයාගේ සියලුම බලයන් පරාජය කල හැකියි. එනිසයි යක්ෂයා අපව යාච්ඤාවෙන් ඈත් කරන්න උත්සහ කරන්නේ. ඉඩ දෙන්න එපා යක්ෂයාට. දිනපතා යාච්ඤාවට යොමු වන්න. යාච්ඤාව තුළ ජේසුට වඩ වඩා ලං වන්න. යාච්ඤාව තුළ ජීවිතය ජය ගන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW