ක්‍රිස්තියානි ඇදහිල්ල හා ශිලය තුල හැසිරෙන කිතුනුවන් කෙරෙහි බලපාන ණය යුතුකමක් හැටියට නිරාහාර ශිලය හදුන්වා දෙමු. චතාරිකය මේ ගැන කතා කිරීම සදහා උචිතම කාලයයි. මේ එක්වරු ශිලය රැකීම සදහා නියමිත විශේෂ දවස් සහ වයස් සිමාවක්ද කිතුනු සභා විසින් නිර්දේශ කොට තිබෙයි. නිරහරශිලය ආධ්‍යාත්මික නැබුරුවකට ප්‍රබල පිටුවහලකි.
එමෙන්ම තවත් දෙයක් සිහියේ තබා ගත යුතුය. ඔබ කරන නිරාහාර ශීලි ක්‍රියාව හේතුකොටගෙන ඉතිරි වන මුදල් , ඔබේම වැඩ කරයුතු සදහා යොදා ගන්නේ නම් එහි කිසිම යහපත් ප්‍රථිපලයක් නැත. එම ඉතිරි කරගත් මුදල් , අසරණ අයෙකුගේ කුස ගින්නක් නිවීමට හෝ ඔහුට උපකාර වීමට හෝ මොනයම් හෝ යහපත් කාර්යයක් සදහා යොදා ගත යුතුය.
උපවාසයෙන් සිටීම සදහා සිය දරු කැල පෙලබවිමෙන් සභා මාතාව බලාපොරොත්තු වන්නේ සිය දරුවන් සුමගට යොමු කිරීමයි. තමන් කල පාප වැරදි සියල්ල සදහා අවංකව මනස්ථාපනය වී ඊට වන්දි ගෙවීම ඇති වැදගත්කම මෙයින් පැහැදිලි කරයි. පාපොච්චාරණය මගින් අපේ වැරදි සහ අතපසුකම් වලට සමාව ලැබුනද ඒ සදහා තවදුරටත් වන්දි ගෙවීමට ඉදිරිපත් වීම ඔහුගේ අවංකකමද විදහා දැක්වේ. නිරහරශිලය වැඩීමෙන් ඔවුන් පාප වලට වන්දි ගෙවීමේ කාලයද අඩුවේ. නැවත එම වරදට නොවැටීමේ අධිෂ්ඨාන ශක්තියද ඇතිවේ. තවද උපවාසය ධර්ම විරේකයක් බදුය.
මේ අතර උපවාසයේ මහගු ප්‍රතිපල අද සනාථ කර ඇත. නිරහරශිලය තුලින් ඉන්ද්රින් පාලනය කිරීම ආත්ම දමනයටද රුකුලකි. ඉදහිට උවද උපවාසයේ යෙදීම මනුෂ්‍යයාට හිතකරය. චිත්ත දමනය මනා පෞරුෂත්වයක් ගොඩ නැගීමටද වෙසෙසින් ඉවහල් වේ. එක්වරු ශිලය රැකීමෙන් කිතුනුවා අදහස් කරනුයේ දවසේ සම්පුරණ ආහාර වේලකින් වැලකි සිටීමය. ඉතිරි දෙවේල ඉතා සුළු ආහාරයකට හෝ ද්‍රවයකට සිමා කෙරේ. මේ සදහා දවාලය රාත්‍රිය කියා වෙනසක් නැත. මෙරට කතෝලික ජනයා එක්වරු ශිලය සදහා පේවී සිටිනුයේ අළු බදාදා සහ මහා සිකුරාදා දෙදින තුල පමණක් නොවේ. වයස 18 සම්පුර්ණ වී අවුරුදු 60 දක්වා සියලු දෙනාම මෙම ණය යුක්තිය ඉටු කල යුතු වේ. රෝගාතුරයන් සහ කිරි මවුවරුන් , ගර්භනී මවුවරුන් මෙම ණය යුක්තියෙන් නිදහස්ය.
මරිය මාතාවන්ගේ සුරලොව වැඩිම, ශුද්ධාත්ම ආගමනය හා කිතු උපත යන මංගල්‍යය දින වලට පෙර දිනයන් එක්වරු ශිලය රැකීම බොහෝ රටවල පවතින සිරිතකි. එංගලන්තය, වේල්සය වැනි ඇතැම් යුරෝපිය රටවල එක්වරු ශිලය රැකීමේ වයස් සීමාව 21 සිට 59 දක්වාය. නිරහරශිලය ඇතුළු චතාරිකය තුල කෙරෙන මර්ධන ක්‍රියා ඇතැම් රටවල ඉතාමත් වැඩිය.
උදාහරණයක් වශයෙන් පකිස්ථානයේ කතෝලික බැතිමත්හු චතාරිකයේ දවස් 40 පුරාවටම එක්වරු ශිලය රකිති.නිරාහාර ශීලයේ වැදගත්කම හා අවශ්‍යතාවය ක්‍රිස්තුන් වහන්සේ අපට ආදර්ශයෙන් පෙන්වා දුන් සේක. ” දින හතළියක් හා රාත්‍රී හතළියක් නිරාහාරයෙන් පසුවූ උන්වහන්සේට සාගිනි දැනුණි” ( මතෙව් 4 : 2 ) එසේ නම් ගල් පාන් බවට හරවා කන්නයි යක්ෂයා ඇවටිලි කලේ මෙතනදීය. නිරහරශිලය සදහා නිර්දේශිත දින තිබුනද ඊට අමතරව උපවාසයෙහි යෙදීමේ කිසිදු අවහිරයක් නැත. මෙරට ඇතැම් තාපස නිකායන්හි අදටත් උපවාසය ඔවුන්ගේ දෛනික ජිවිතයේ අභ්‍යාසයකි.
