අද ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය දිනයි. මිනිස් වර්ගයාට ගැළවීම හා විමුක්තිය අත්කර දුන් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට විශේෂාකාරයෙන් ගෞරව නමස්කාර කිරීම මෙම මංගල්‍යය සැමරීමෙන් සිදු කෙරේ.
ඔබේ ජීවිතයේ ජේසුස් වහන්සේ සැබෑ රජාණන්ද ? නැතිනම් ප්‍රශ්නයක් එද්දී විතරක් සොයාගෙන යන ප්‍රශ්න විසදන්නෙක්ද ලෙසද ඔබ ජේසුස් වහන්සේව සලකන්නේ.. ජේසුස් වහන්සේ ඔබේ ජීවිතයේ සැබෑ රජාණන් කර ගන්න. ඒ සදහා කරන්න තියෙන්නේ එකම දෙයයි. එනම් ඔබේ මුළු ජීවිතයම ජේසුස් වහන්සේට බාර දෙන එකයි.
සම්පුර්ණයෙන් කියන්නේ ඔබේ සැලසුම් පැත්තක තබා උන්වහන්සේගේ සැලැස්ම ඉටු කරන්න ඉඩ දෙන එකයි. යාච්ඤා කරද්දී ඔබට අවශ්‍ය දේවල් ලැයිස්තුව කියන් යන්න එපා. ජේසුනි ඔබවහන්සේ දන්නවා මට ඕනි දේ , ඒ දේ ඔබවහන්සේගේ කැමැත්ත පරිදි නියම වෙලාවට හරි දේ විතරක් දෙන්න කියල යාච්ඤා කරන්න. ඔබ හිතන් ඉන්න දේ නොලැබෙන්න පුළුවන්. නමුත් ජේසු ඔබට ලබා දෙන්නේ ඔබට අවශ්‍ය දේ පමණක් බව හොදට මතක තියා ගන්න. ජේසු දුන්න දේ හොදයි කියලා ඒ වෙලාවේ හෝ පසුව තේරෙනවාමයි.
