ඇමරිකාවේ හමුදාවේ සිටි තරුණයෙක් දෙවියන් වහන්සේව අචලව විශ්වාස කළ නිසා සිදුවූ ආශ්චර්යමත් සිදුවීමක්
හමුදාවේ සිටි තරුණයෙක් දෙවියන් වහන්සේව අචලව විශ්වාස කළ නිසා නිතරම නින්දාවට පත්විය. දිනක් කපිතාන්ට අවශ්‍යය වුයේ ඔහුව හමුදාව ඉදිරියේ නින්දාවට පත්කිරීමටයි. ඔහු තරුණයාට හඩගසා මෙසේ කීවේය. තරුණයා මෙහි පැමිණ මේ යතුර අරගෙන මේ ජීප් රථය අර පෙනෙන ගස ඉදිරිපිට නවත්වන්න. තරුණයා මෙසේ පිළිතුරැ දුන්නේය. මට රිය පැදවිය නොහැක. කපිතාන් කියා සිටියේ හොදයි එහෙනම් ඔබේ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. උන්වහන්සේ සිටින බව අපට පෙන්වන්න.
තරුණයා යතුර රැගෙන වාහනයට ගොස් යාච්ඤා කිරීමට පටන් ගත්තේය. පසුව ඔහු ජීප් රථය එම කැප්ටන් කියූ ස්ථානයේම නවතා තැබුවේය. එළියට පැමිණි තරුණයා දැක්කේ අනෙක් සියලු දෙනාම හඩාවැටෙන දර්ශනයකි. ඔවුන් සියලු දෙනාම එකට මෙසේ පැවසුහ. අපට ඔබගේ දෙවියන් වහන්සේට සේවය කිරීමට අවශ්‍යයි.
මේ ලාබාල සොල්දාදුවා මවිතයට පත්වී ඇසුවා මේ මොකද වෙන්නේ කියා. එවිට කපිතාන්වරයා රථයේ පියන විවෘත කර තරුණයාට පෙන්වීය. මෝටර් රථයට එන්ජිමක් නොතිබුණි. එවිට සොල්දාදුවා , බලන්න මම මේ සේවය කරන දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැහැ. නොපවතින දේට ජීවනය දෙන දෙවියන් වහන්සේට කළ නොහැකි දේවල් ඇතැයි ඔබ සිතනු ඇත. නමුත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය.

මුලාශය – https://steveadegunloye.com/a-young-man-serving-in-the-army-was-constantly-humiliated-for-believing-in-god/