ලොව පුරා විසිරි සිටින සියලු ක්‍රිස්තු භක්තිකයින්ට අති සුවිශේෂ වූ අති උතුම් රාත්‍රියක් ලෙස මෙම රාත්‍රිය ශුද්ධවූ සභා මාතාව නම් කරයි. එදා දෙව්පියාණන් වහන්සේ අප ආදී මව්පියන්ට වූ පොරොන්දුව ඉටු කිරීමේ ලා ක්‍රිස්තුන් වහන්සේ ලොව මුදාලීමේ කාර්යයෙලා මිනිස් බවක් ගෙන මොලොවට වැඩිය සේක. එතරම් අසීමිත ආදරයකින් යුත් උන්වහන්සේව අන්තිමේදී ඇති දුක්කිත කෘර වූ කුරුසියේ මරණයකට භාජනය කළේය. එහෙත් උන්වහන්සේව පරාජය කිරිමට මරණයට නොහැකි විය. උන්වහන්සේ විජයග්‍රහණයෙන් තුන් වෙනිදා උත්ථාන වූ සේක. මේ උත්ථානයත් සමග උන්වහන්සේ අපව නව මගකට එතෙර කරන සේක. මෙකී සුවිශේෂ වූ සිද්ධියයි, මේ රාත්‍රියේ ශුද්ධවූ සභා මාතාව එක පවුලක් ලෙස එක්වී මේ රාත්‍රියේ සමරනු ලබන්නේ.ඒ උත්ථාන වූ ගැලවුම්කරුවාණන් අද අප මාධ්‍යයේ වැඩ සිටින සේක.
