ආගමන කාලය

ආගමන කාලය යනු බලාපොරොත්තුවේ කාලයයි. ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව වැඩි වැඩියෙන් මෙනෙහි කරන්නාවූ ද, උන් වහන්සේ අපගේ හදවත් තුළට පිළිගන්නට අප ආධ්‍යාත්මිකව සූදානම් කරන්නාවූ කාලයයි.

මොහොතක් සිතමු..

සුවිශේෂයේ සඳහන් වන පරිදි කෙතේ සිටින පුද්ගලයින් දෙදෙනා අතරින් එක් කෙනෙක් මා නම් ස්වාමීන් වහන්සේ තෝරා ගන්නා පුද්ගලයා කවුරුන් ද ? මාවද නැතිනම් අනිත් පුද්ගලයාද ?

ඇඹරුම් ගලේ අඹරමින් සිටින කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් මම නම් තෝරා ගනු ලබන තැනැත්තිය කවුරුන් විය හැකි ද ?

මා බලාපොරොත්තු නොවන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණො වැඩිය නම් තෝරා ගනු ලබන්නට මා සූදානම් ද ? සිතන්න… මේ ලෝකයේ ජීවිතය ඉතා අවිනිශ්චිතයි. මොනවා කිව්වත් කොයි මොහොතේ යන්න වෙයිද දන්නේ නැහැ.. එබැවින් සුදානම්ව සිටින්න. කොයි මොහොතේ මේ ලෝකයෙන් ගියත් බය නැතිව මරණය මුහුණ දෙන්නත්, මරණින් පසු සදාතන ජීවිතය උදා කරගන්නත් හැකි පරිදි ජීවත් වන්න..

Suba Asna - සුබ අස්න

FREE
VIEW