
අද සභා මාතාව ආගමන කාලයේ පළමු ඉරුදින සමරන්නීය. ආගමන කාලයේ පළමු කාර්තුවේදී ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම ගෞරවයෙන් යුතුව සිහි කරන අතර දෙවන කාර්තුවේදී උන්වහන්සේගේ ඓතිහාසික පැමිණීම පිළිබදව භාවනා කරයි. ආගමන කාලයේ ඇතුලාන්ත ස්ප්‍රිතුව වන්නේ නිරන්තරයෙන් සුදානම් ජීවිතයක අවැසියාවයි. සිත්හැරිම පදනම් කොට ගනිමින් සැබෑ මනස්ථාපනය මෙයින් අදහස් කෙරේ. මෙවර සමාජයේ ඇති තත්වය අනුව බාහිර වශයෙන් නත්තල සමරන්න ඇති හැකියාව අපට නොලැබීමම විශාල ආශිර්වාදයක් වේවි. මන්ද අපට ආත්මික වශයෙන් ආගමනය සමරන්නට වැඩි වශයෙන් හැකියාව ලැබෙන බැවිනි. එනිසා වචනයට නොව, ඇත්තටම පාපයට මනස්ථාපනය වන්න. ඔබ දන්නවා ඔබේ පාපය. එයින් ඈත්වෙන්න. අන්න එවිට මෙවර නත්තල ජේසුගේ ආශිර්වාදය ලැබෙන නත්තලක් වේවි.