අද වික්ෂෝප දේව මාතාවන්ගේ මංගල්‍යය දිනයි

භාග්‍යවත් දේව අම්මා සියල්ල සිත්හි නිදන් කර ගත්තාය. එසේ කලේ දේව අභිමතයට කීකරු වූ නියාවෙනි. තමන්ම මුළුමනින්ම ත්‍යාග කොට දේව සැලැස්ම ප්‍රබල වුවද එය දරමින් ඔසවාගෙන ඈ තමකම නැසුවාය. ගැලවීමේ කාර්යය තුල ඇයට හිමි කාර්යය වුයේ සියල්ල දරමින් ජේසුට මග හෙළි කිරීමය. එය පහසු කාර්යයක් වුයේ නැත.

තමා හිස්වෙමින් දේව කැමැත්තෙන් පිරීමට නම් දේව අම්මා මෙන් අපද අපේ ජීවිතයේ අඩියටම, පතුලටම ගොස් තමකම තමන්ම නැති වන තෙක් හිස් විය යුතුය. එසේ නොවන්න දුක් ගැහැට පිරි මෙලෝ ජීවිතය ජයගැනීමට නොහැකි වෙයි. මහ පොළොවේ වේදනාව ජය ගන්නට නම් දේව අම්මා මෙන් අපිදු අපව මුළුමනින්ම දේව තාත්තාට පවරා දිය යුතු වෙයි.

යාච්ඤා කරන්න ඔබේ අවශ්‍යතා ලැයිස්තුව කියන් යන්න නෙමේ, ජේසුනි ඔබවහන්සේ සියල්ල දන්නා නිසා මගේ අවශ්‍යතා සියල්ල නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියා.

Suba Asna - සුබ අස්න

FREE
VIEW