අද ශු. සභාව පේදුරු හා පාවුළු තුමන්ගේ මංගල්‍යය සමරන්නෙමු. ශු. පේදුරු හා පාවුළු අපොස්තුළුවරුන්ගෙන් ශු. සභාවට ඉමහත් සේවයක් සිදුවිය.
නමුත් ඔවුන් දෙදෙනාගේ ජීවිත කථාව ආරම්භ වන්නේ හාත්පසින්ම වෙනස් අයුරින්ය. පේදුරු යනු මසුන් අල්ලමින් සාමාන්‍ය ජීවිතයක් ගතකල අයෙකි. පාවුළු යනු ජේසුස් වහන්සේගේ සභාවට පීඩා කළ අයෙකි.
එහෙත් ජේසුගේ ආදරය ඒ ජීවිත වෙනස් කළේය. ලෝකයේ බොහෝ දෙනෙක් කථා කරන චරිත බවට පත්කළේය. ලෝකයේ බොහෝ දෙනෙක් මැදිහත්කමේ පිහිට පතන ජීවිත බවට පත්කළේය. ඉතින් අපිත් අපේ මේ ජීවිත වෙනස් කරන්නට කියල ජේසුට ආරාධනා කරමු. යාච්ඤා කරමු. ජේසුස් වහන්සේට කළ නොහැක්කක් නොමැත.
