
තවත් වසරක චතාරික කාලය ඉවර කරලා, පාස්කු කාලය ඉවර කරලා අද පාස්කු ඉරිදා ජේසුගේ උත්ථානය සමරනවා. ආලේලුයියා සෙනසුරාදා අප බොහෝ දෙනා පල්ලි ගියා ඇති. පාස්කු ඉරිදාත් පල්ලි යයි. ඒ එක්කම පාස්කු මංගල්‍යයේ සැබෑ ආශිර්වාදය ලබන්න තව දේවල් තුනක් වෙන්න ඕනි.
ඒවලින් පළවෙනි දේ තමයි අපේ ජීවිතයේ අයිතිය ජේසුස් වහන්සේට භාර දෙන එක. ජේසුස් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන එක. අපි කොච්චර යාච්ඤා කළත්, කොච්චර පල්ලි ගියත් ජේසුට අපේ ජීවිතේ අයිතිය දෙන්නේ නැත්නම්, උන්වහන්සේව සම්පුර්ණයෙන්ම විශ්වාස කරන්නේ නැත්නම් වැඩක් නැහැ.
අනිත් දේ තමයි අපේ වැරදි හරිගස්වගන්න එක. අපි සමහර වෙලාවට වැරදි කරනවා හිතාමතාම. අපි දන්නවා ඒවා වැරදි වැඩ කියල. නමුත් ඒ වැරදි සාධාරණීකරණය කරගෙන එහෙම නැත්නම් ඒවා වැරදි කලාට කමක් නැහැ කියල හිතාගෙන වැරදි කරනවා. ඉතින් මේ දේ අපි නැති කර ගන්න ඕනි. පාපී ජීවිතයෙන් ඈත් වෙන්න ඕනිමයි.
අන්තිම දේ තමයි අනිත් අය ගැන හිතන එක. ඒ කියන්නේ අනිත් අයගේ අවශ්‍යයතා වලදී සංවේදී වෙන එක. උදව් වෙන එක. ඔවුන්ට නපුරු දේ, වැරදි දේ නොකරන එක.
ඉතින් ඇත්තටම ජේසුගේ ආදරය ආශීර්වාදය ලබන්න ඕනිනම් මේ දේවල් වෙන්න ඕනි.