අද ජපමාලයේ අප ස්වාමිදුවගේ මංගල්‍යය දිනයි

ප්‍රංශයේ ලාසැලේට් හා ලුර්දු, බෙල්ජියමේ බියුරෙන්ග්, මෙක්සිකෝවේ ගුවාදලුපේ, පෘතුගාලයේ පාතිමා වැනි නිමල මරිය තුමියගේ දර්ශන වලදී ශු.ජපමාලය උච්චාරණය කිරීමේ වැදගත්කම එතුමිය පහදා දුන් බව අපි දනිමු. පාපයට සමාවත්, නිරාගින්නෙන් මුදා ගැනීමත් සදහා ශු.ජපමාලය ජපමාලය නොකඩවා කියන්නැයි මරියතුමිය ඉහත දර්ශන වලින් ඇරයුම් කරන ලදී.

ශු. බයිබලයේ සදහන් මරිය තුමියට ග්‍රබ්‍රියෙල් දේව දුතයා පැවසු සුබ අස්න පදනම් කරගෙන සෑදු බලවත් යාච්ඤා ධ්‍යානයක් වූ ශු.ජපමාලය නොහොත් කොන්තය කීම කිතුනුවාගේ ඇදහිලි අතර විශේෂ තැනක් ගනී. තමන් යන එන තැන ජපමාලය රැගෙන යාම බොහෝ දෙනෙකුගේ සිරිතය. ජපමාලය කිතුනුවන් සතු බලවත් ආයුධයක් වැන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW