ශුද්ධාත්මයාණන් වහන්සේ.. අපි ගොඩක් අයට අමතක වෙන, නැතිනම් අපේ යාච්ඤා වල අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති, නමුත් ශු. ත්‍රිත්වය තුළ මහා බලයක් සතු තැනන් වහන්සේ.
ශුද්ධාත්මාගමනය එක්ක සියල්ල වෙනස් උනා. බයේ හිටපු ගෝලයෝ කිසි බයක් නැතුව ජේසු ගැන හැමෝටම කියල දෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ වැඩිම දෙනෙක් අදහන ආගම බවට පත් උනා. නමුත් අපි ? සමහරු ගිතිකාවකට , යාච්ඤාටකට පමණක් ශුද්ධාත්මයාණන් වහන්සේව සීමා කරලා. උන්වහන්සේගේ ඇත්ත බලය අත්දකින්නේ නැහැ.
අද ජේසු අපිට ආරාධනා කරන්නේ ඇත්තටම ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අත්දකින්න කියා. ඔබේ යාච්ඤාව තුල අවංකව මෙනෙහි කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔබ තුළට වඩින්න, දවස පුරාවට ඔබ තුළ ක්‍රියා කරන්න කියා. දවසේ සෑම මොහොතක්ම ගත කරද්දී සිතින් උන්වහන්සේට ඉඩ දෙන්න ඔබ තුළ ක්‍රියා කරන්න. ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ බලය ගොඩක් අත්දකින්න හැකිවේවි.
