මැයි 20 වන දින සුබ අස්න - ශු. ජොහාන් 17 : 11 - 19

අද සුබ අස්න තුළ අපට ජේසු කියනවා අපි වෙනුවෙන් ජේසු යාච්ඤා කරනවා කියලා. ජේසු දෙවි පියාණන්ගේ කැමැත්ත මේ ලෝකයේ ඉටු කරද්දී යක්ෂයා ඊට බාධා කළා. ලෝකයා ගොඩක් පීඩා කළා. ඉතින් ජේසු දන්නවා ඒ පීඩා ගැන. උන්වහන්සේ අත්දැක්කා. ඉතින් අපි දෙවි පියාණන්ගේ කැමැත්ත ඉටු කරනවානම් අපිටත් යක්ෂයා, ලෝකයා පීඩා ඇති කරනවා. නමුත් බය වෙන්න දෙයක් නැහැ. මොකද ජේසු ඉන්නවා අපිත් එක්ක.

දේව කැමැත්තට පිටින් ජීවත් වෙද්දී පීඩා අඩුයි කියලා මිනිස්සු කියනවා ඇති. ඔව් මොකද එහෙම ජීවත් වෙන අය යක්ෂයාගේ ගොදුරු. ඉතින් යක්ෂයා ඔවුන්ට පීඩා කරන්නේ නැහැ. නමුත් අවසානයේ ඔවුන් නොදැනුවත්වම යක්ෂයා ඔවුන්ව විනාශ කරලා දානවා. නමුත් දේව කැමැත්ත ඉටු කරන අයට පීඩා ආවත් ජේසු ඔවුන් සමග ඉන්නවා, ඔවුන් ඒ පීඩා පරික්ෂා වලින් එතෙර උනහම, අවසානයේ සියල්ලම ජය ගන්නවා. ඉතින් තීරණය ඔබේ අතේ.