ඇත්තෙන්ම ජීවිත ආදර්ශය හරි ප්‍රබලයි. ඒ නිසා අපි සැවොම යහපත් ජීවිත ආදර්ශයක් තුළ, යහපත් චරිතයක් තුළ ජීවත් වන්නට උත්සහ දරමු.

ඔබ තනිවී ඇතැයි ඔබට දැනෙනවාද? 🥺 ඔබගේ වේදනාව කිසිවෙකුට තේරෙන්නේ නැති බව සිතෙනවාද?
බිය නොවන්න… ජේසුස් වහන්සේ ඔබ සමඟයි ✝️❤️ ඔබ වැටෙන විට ඔබව නැඟිටුවන්නත්, ඔබ අසරණ වන විට ඔබව ශක්තිමත් කරන්නත් උන්වහන්සේ සූදානම්. අද සියල්ල ජේසුස් වහන්සේට භාර දෙන්න. 🙏

අම්මේ, තාත්තේ… ඔබේ දරුවන්ට ලෝකයේ දේවල් පමණක් නොව, ජේසුස් වහන්සේගේ ආදරයත් උගන්වන්න.දරුවෙකුට දිය හැකි වටිනාම උරුමයක් වන්නේ ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසයයි. අද ඔබ ඔවුන්ට දෙන විශ්වාසයේ මඟ, ඔවුන්ගේ මුළු ජීවිතයටම ආශීර්වාදයක් වේවි.

මරිය තුමිය අපෙන් ඉල්ලා සිටින්නේ ජේසුස් වහන්සේ ඉගැන්වූ ස්වර්ගයේ වැඩසිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම භක්තියෙන් උච්චාරණය කරන ලෙසයි

ලෝකයේ තාවකාලික දේවල් පසුපස නොව, ජේසුස් වහන්සේ පෙන්වන සදාකාලික මාර්ගය පසුපස යමු.

අන් අයගේ වැරදි දැක නිහඬව සිටීම හෝ විවේචනය කිරීම නොව, ආදරයෙන් ඔවුන්ව නිවැරදි මඟට ගෙන ඒම අපගේ කිතුනු යුතුකමකි.

ඔබේ හදවතේ බර ඔබ තනිවම දරාගෙන සිටිය යුතු නැහැ. ජේසුස් වහන්සේ සමඟ එය බෙදාගන්න. උන්වහන්සේ ඔබට සැනසීම හා ශක්තිය ලබා දෙනවාමයි.

කිතුනුවන් ලෙස අපට ලැබී ඇති කැඳවීමක් වන්නේ අන් අයට ආදරයෙන් සේවය කිරීමයි. සමහර විට ජේසුස් වහන්සේ කෙනෙකුට පිහිට වන්නේ අපගේ දෑත් තුළිනි. අපි ඒ දේ කරනවානම්, උන්වහන්සේ අපිටත් අවශ්‍ය මොහොතේදී වෙන අය මාර්ගයෙන් අපටද පිහිට වෙනවාමයි

අපගේ බිය දුරු කර, විශ්වාසයෙන් අපව පුරවා, ආදරයෙන් ජීවත් වීමට අපට ශක්තිය ලබාදෙනු මැනවි ශුද්ධාත්මයාණෙනි.

අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කළ මැනව කියලයි අපි ඉල්ලන්නේ. ඉතින් අපේ වැරදි වලට සමාව ගන්න ඉස්සෙල්ල, අපි අනිත් අයට සමාව දීල ඉන්න ඕනි කියල හොදට මතක තියා ගන්න…

ජේසූ කෙරෙහි ඇති ඇදහිල්ල අඩු කරගන්න එපා..

ඔබට හැකි උපරිමයෙන් අන් අයට උදව් වෙන්න 🌿 කුඩා උපකාරයක් වුවත්, එය කෙනෙකුගේ ලෝකයට මහත් ආලෝකයක් විය හැකියි. ✨
ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී, ආදරයෙන් සහ කරුණාවෙන් අන් අයට උපකාර කරමු.

ජේසූ ඔබේ යැදුම් වලට පිළිතුරු දෙන සේක.

පුරුදු වෙන්න ජේසුට ආදරය කරන්න,”ක්‍රියාවෙන්….”

පල්ලියට අයිති කෙනෙකු වීම පහසුයි… නමුත් ජේසුට අයිති කෙනෙකු ලෙස ජීවත් වීමයි සැබෑ අභියෝගය. ❤️ සියල්ල උන්වහන්සේට බාර දී, වචනයෙන් පමණක් නොව ජීවිතයෙන්ම ජේසුගේ සාක්ෂි දරමු. අන්න එවිට ජේසුගේ ආශිර්වාදය ලැබෙනවාමයි🙏✝️

තවදුරටත් යක්ෂයාගේ ගොදුරක් වෙනවාද , නැතිනම් ජේසුගේ ආශිර්වාදය යටතේ ජීවිතේ ගත කර මරණින් මතු සදාතන ජීවිතයට වරම් උරුමකර ගන්නවාද ?

අපි අපේ බාහිර පෙනුමට වඩා ඇතුලාන්ත පෙනුම ලස්සන කරගන්නට උත්සහ දරමු.

ජීවිතයේ සමහර මාර්ග අපට අඳුරුයි… ඉදිරියට යා යුත්තේ කොහේද කියා නොදැනෙන අවස්ථාත් තියෙනවා. ඒත් මතක තියාගන්න, ඔබ ජේසුස් වහන්සේ සමඟ ගමන් කරනවා නම්, බිය විය යුතු නැහැ. සියල්ල අවංකව ජේසුට බාර දෙන්න…

ජේසුස් වහන්සේ ගැන දැනගත් අපට, ඒ ආදරයේ පණිවිඩය ලෝකයට කියා දීමත් අපගේ වගකීමක්. අපි ලැබූ ආලෝකය අප තුළ පමණක් තබා නොගෙන, තවත් කෙනෙකුගේ ජීවිතයට බලාපොරොත්තුවක් වෙමු.

ජීවිතයේ අප මුහුණ දෙන දැඩි වේදනාව, කලකිරීම හෝ කෝපය නිසා සමහර අවස්ථාවල දෙවියන් වහන්සේව අමතක කර උන්වහන්සේගේ අත අත්හැරීමට අප පෙළඹෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය කිසිදා වෙනස් නොවේ; උන්වහන්සේ අපව කිසිම මොහොතක තනිකරන්නේ නැත.

කාටවත් ඊර්ෂ්‍යයා කරන්න එපා.

පරික්ෂා තුල සමහර වෙලාවට ජීවිතයේ හැම දොරක්ම වැසී ගියා වගේ දැනෙන්න පුළුවන්. ඒත් එක දෙයක් අමතක කරන්න එපා… ජේසුස් වහන්සේ ළඟ ඔබට නව මාර්ග තියෙනවා. එතුමන්ව අත් නොහරින්න. විශ්වාසයෙන් එතුමන්ට සියල්ල භාර දෙන්න.

ඔබ ඔබට වරදක් කරපු අයෙකුට සමාව දෙන්නේ නම් දෙවියන් වහන්සේ ඔබටත් ඔබේ වැරදි වලට සමාව දෙනවා. මන්ද අපි ඉල්ලා සිටින්නේත් අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කළ මැනව කියායි. ඒ වගේම ඔබ ඒ සමාව දීම තුල ඔබේ ජීවිතයත් නිදහස් වෙනවා.

ඔබේ කතාව තවම අවසන් නැත.

ඔබේ ජීවිතයේ අද ඔබට කළ නොහැකි යැයි සිතෙන දේවල් පවා ජේසුස් වහන්සේට කළ හැකියි. ඔබට පේන්නේ වසා දැමූ දොරක් වෙන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේට නව මාර්ගයක් විවෘත කරන්න පුළුවන්. සියල්ල ජේසුස් වහන්සේට බාර දී විශ්වාසයෙන් ඉන්න…

ඔබ යාච්ඤා කිරීමටත් පෙර ඔබේ අවශ්‍යතා පියාණන් වහන්සේ දන්නා සේක. යාච්ඤාව යනු අපගේ අවශ්‍යතා පමණක් ඉල්ලා සිටීම නොව, දෙවිඳුන් කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමයි.
අද මොහොතක් යාච්ඤාවට වෙන් කරමු. අපගේ හදවතේ ඇති සියල්ල ජේසුස් වහන්සේට භාර දෙමු. විශ්වාසයෙන් දෙවිඳුන් ඉදිරියේ නිහඬ වෙමු.
“ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැයි පියාණන් වහන්සේ දන්නා සේක.” — මතෙව් 6:8

මරිය තුමියගේ ස්වර්ගාරෝපණය අපට මතක් කර දෙන්නේ දෙවිඳුන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වන අයට ඇති සදාකාලික බලාපොරොත්තුවයි. ඒ සදාකාලික ජීවනය ලබන්නට එතුමිය මෙන් දෙවිදුන් කෙරෙයි විශ්වාසයෙන් , නිහතමානීව ජීවිතය ගත කරමු.

දෙවියන් වහන්සේ එක් කළ දේ මිනිසා වෙන් නොකෙරේවා! විවාහය යනු එකට ජීවත් වීම පමණක් නොවෙයි. එය ආදරයෙන්, කැපවීමෙන් සහ විශ්වාසවන්තකමින් එකිනෙකාට සමාව දෙමින් එකිනෙකා සමඟ ගමන් කිරීමයි. 💍 ඔබේ පවුලත් අද ජේසුස් වහන්සේට භාර දෙන්න.

ඔබ දවසෙන් පොඩි වෙලාවක් හෝ යාච්ඤාවට වැය කරනවාද?

අද විනාඩි කිහිපයක් ජේසුස් වහන්සේ සමඟ කතා කරන්න. 🙏 අද කෙනෙකුට හොඳ දෙයක් කරන්න. ❤️ අද කෙනෙකුට සමාව දෙන්න. 🤍
මේ පුංචි පියවර තමයි දවසක ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසකට හේතුව වෙන්නේ. ඒ නිසා අදින් පටන් ගමු. යාච්ඤා කරමු. හොඳ දේ කරමු. ජේසුස් වහන්සේට අපේ ජීවිතය භාර කරමු. 🤍


මේ ඉන්න ටික කාලයේ ජේසූ කියා දීපු විදියට. ජේසූ තුල ජීවිතය ගත කරමු.

අතීතයේ වූ වැරදි හමුවේ ජීවිතය නතර කරන්න එපා. ජේසුස් වහන්සේගේ කරුණාව සහ ආදරය ඉදිරියේ ඔබේ අතීතය ඉතා කුඩායි. උන්වහන්සේ සමඟ අලුත් ආරම්භයකට එක්වන්න. අපට අතීතය වෙනස් කළ නොහැකි වුවත්, ජේසුස් වහන්සේ සමඟ අපගේ අනාගතය අලුතින් ලියාගත හැකියි. වැටුණු තැනින් නැගී සිටින්න උන්වහන්සේ ඔබට අතදීමට සූදානම්. එන්න ජේසු වෙතට දුවේ පුතේ….

තවමත් පරක්කු නැහැ…. ජීවිතය වෙනස් කර ගනිමු…. මරණින් පසු සදාකාලික ගින්නෙන් බේරෙමු

මෙලොව ජීවිතයට ඇති වහල්භාවයන් මරා දැම්මාම ඔබට මට “සැබෑ මම” හමුවෙනවා කියන දෙය මතක තබා ගන්න.

දිනෙක අපි හැමෝටම මේ ලෝකයෙන් සමුගන්න වෙනවා. ධනය, දේපළ, තනතුරු කිසිවක් අප සමඟ නොයයි. එබැවින් සමාජයේ ඇස්වලට ඔහු දුප්පතෙක් වුණත්, දෙවියන් වහන්සේට ඔහු සැබෑ පොහොසතෙක්.

ජීවිතේ සමහර දොරවල් වැහෙන්නේ, ජේසුස් වහන්සේ තවත් හොඳ දොරක් අරින්නයි.
ඒ නිසා බලාපොරොත්තුව අත්හරින්න එපා.
ඇදහිල්ලෙන් දිගටම යාච්ඤා කරන්න.
ඔයාට ගැළපෙනම මාර්ගය උන්වහන්සේම සකස් කරනවා.

පේදුරු තුමා දියේ ගිලුණේ රළ නිසා නොවෙයි… ජේසුස් වහන්සේගෙන් දෑස් ඉවතට ගත් නිසයි.
අද ඔබේ ජීවිතයේත් පරීක්ෂා මැද වුවත්, උන්වහන්සේ දෙසම බලාගෙන ඉන්න. සැකය ඔබව පහළට ඇද දමයි.
විශ්වාසය ඔබව ජේසුස් වහන්සේ වෙත ළං කරයි. ජීවිතයේ රළ ඔබව බිය ගැන්විය හැකියි.
නමුත් ජේසුස් වහන්සේගේ අත ඔබව කිසිදා අත්හරින්නේ නැහැ.

අපගේ ජීවිතය ජේසුස් වහන්සේට භාර දුන්නොත්, අපට සැබවින්ම අවශ්‍ය දේ නිසි වේලාවට උන්වහන්සේ සපයා දෙනවා. ජේසුස් වහන්සේ ළඟට ආපු අය හිස් අතින් ආපසු ගියේ නැහැ. උන්වහන්සේ ඔවුන්ගේ ආත්මික පිපාසයත්, ශාරීරික අවශ්‍යතාවයත් දෙකම සපුරාලා දුන්නා. අදත් ඒ ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ඒ දේ කරනවා.. අවශ්‍යය වන්නේ උන්වහන්සේට සියල්ල අවංකව භාර දී උන්වහන්සේ තුල විශ්වාසයෙන් ජීවත් වෙන එකයි.
පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයත්, ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ.

හැමදාම කතා කරන්න කෙනෙක් හොයනවාද? ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා. ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ ගත කරන සුළු මොහොතක් ඔබේ හිතට පුදුමාකාර සමාදානයක් ගෙනෙනවාමයි. ඔබත් ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ මොහොතක් ගත කරලා, ඔබේ ජීවිතය උන්වහන්සේට භාර දෙන්න. ආශිර්වාදය සහ සමාදානය ඔබත් අත්විඳින්න.

ඔබේ හිත ඔබ වරදක් කරනවා කියල හිතනවානම් එය සාධාරණීකරණය කරන්න යන්න එපා. ඔබ ඔබේ වරද සාධාරණීකරණය කරලා එම වැරැද්ද දිගටම කරනවානම් ඇත්තමට ඔබ අයහපත්.

කොතරම් ධනය, බලය, කීර්තිය තිබුනත් සදාතන ජීවිතය උරුම කර ගන්න බැරිනම් කුමන ඵලයක්ද

මතක තබා ගන්න නපුරා ඇවිල්ලා අපේ සිත් වල නපුරේ බීජය වපුරුවට, අපි එය පොහොර දාලා වැඩෙන්නට සැලැස්විය යුතු නැහැ.


ඔබේ මුළු සිතින්ම උන්වහන්සේට කතා කරන්න.

අන් අයගේ ජයග්‍රහණ දැක සතුටු වීමට පුරුදු වෙමු. ඊර්ෂ්‍යාව හදවතට බරක් පමණක් ගෙන එයි.ඒ තුල ජේසුස් වහන්සේගෙන් ඔබට ලැබෙන්නට තිබෙන ආශිර්වාදයද ගිලිහී යා හැක

කෙනෙක් වරදක් කලාම ඒ කෙනාගෙන් පන්න පන්න පළිගන්නේ නැතිව, වරද කල කෙනාට හැදෙන්න එක අවස්ථාවක් දෙන්න.

අඳුරු මොහොතක වුවද යාච්ඤාව අත් නොහරින්න. ශු. ජපමාලය ඔබේ ජීවිතයට බලාපොරොත්තුව, ශක්තිය ගෙන දෙයි. මරිය තුමියගේ මැදිහත්වීම තුළින් ජේසුස් වහන්සේ වෙත තවත් සමීප වෙමු. අදම ශු. ජපමාලය අතට ගන්න.

අපි කවුරුත් මේ ලෝකයට හිස් අතින් ආවා. දවසක් නැවත දුවිල්ලටම හැරී යනවා. ඒ නිසා වෛරය, අහංකාරය සහ අතීතයේ වේදනා අත්හැර ජේසුස් වහන්සේ සමඟ අලුත් ගමනක් ආරම්භ කරමු. තවමත් ප්‍රමාද නැහැ.

ජීවිතයේ ගැටලු කොතරම් විශාල වුණත්, විශ්වාසයෙන් තබන කුඩා පියවරක් ඔබව මහත් ආශීර්වාදයකට රැගෙන යා හැකිය. ඔබගේ සතුට, දුක, බිය සහ බලාපොරොත්තු ජේසුස් වහන්සේට භාර දෙන්න. ඒ තුල කුඩා විශ්වාසයකින් ආරම්භ වන ගමන, මහත් ආශීර්වාදයකින් අවසන් වේ.

අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් , අපගේ වැරදිද අපට කමා කළ මැනව

මේ ලෝකයේ මොනවා නැති වුනත්, දෙවියන් වහන්සේ මට ඉන්නවා කියන හැඟීමෙන් ක්‍රියා කරන්න උත්සහ කරමු.




